"Star Lanka Online" Our NEW Web site And Web TV Channel Launched

TFGE , The Future Global Educational Center Has Launched
the official web site, called
*** Star Lanka Online Dot Com ........................

www.starlankaonline.com will be completed in very near future....

*** Star Lanka Online TV Channel,..................

Just One Click ahead ...

Now you can watch "Star Lanka Online TV" channel broadcasts from Matara, Sri Lanka in most part of the day. Still we are keeping a test transmission also. There is a link right side of your hand to watch our TV channel. You can watch (Click On the Box) live channel on this site without going to another site to watch the TV. and also recorded parts, following the below link.

Place your Own Ad Here

Sunday, December 25, 2011

Letter to Priyantha De Silva ~ ප්‍රියන්ත ද සිල්වා වෙත ලිපියක්

ආදරනීය ප්‍රියන්ත ද සිල්වා,

කාලෙකට පස්සෙ මම ඔයාට ලියන්න හිතුවා. අද නත්තල් දවස. ඒත් අපි නත්තල් සමරන අය නෙමේ. අපි හොඳ බෞද්ධයෝ නේ. ඒත් නත්තල් දවස ගැන පුංචි සතුටකින් හිත පිරිලා.
ප්‍රියන්ත,
මතකද ඉස්සර පුංචිකාලෙ, අපිට නත්තල් නැති උනත්, කාටවත් නොකියාම රෑට අවදිවෙලා, නැත්නම් උදේට අවදිවෙලා කොට්ටෙ යට , මෙට්ටෙ යට බලපු හැටි. ඒ නත්තල් සීය ඇවිත් මොනා හරි දීල ගිහින් කියල ඇති කියලා හිතලයි. ඒ ත් කවදාවත් එහෙම දෙයක් සොයා ගන්න නම් තිබ්බෙ නෑ. නමුත් ප්‍රියන්ත, අපිට ඒ ගැන තරහක් නම් තිබ්බෙ නෑ. තිබුනෙ කියා ගන්න බැරි දුකක් විතරමයි. ඔයාටවත් මටවත් පුංචි හරි තෑග්ගක් දෙන්න කවුද හිටියේ ? ඒත් කවම දාකවත් වෙනත් කෙනෙක්ගේ කිසීම දෙයක් හිතින්වත් ගන්න සොර සිතක් නැතිව හිටපු හැටි මතක් වෙනකොට මට ඔය ගැන හරීම ආඩම්බරයි ප්‍රියන්ත. අවුරුදු 12ක් පාසල් ගිහින් අවසන් වුනත්, උසස්පෙල අවසන් කරද්දීත් , ජීවිතේටම කාල තිබ්බ චොකලට් ගනන 12 ක් වත් උනේ නෑ නේද ? ඒත් අද පොඩි එකෙක් ගත්තොත් මාසෙකටම චොකලට් 12 කට වඩා කාල තියෙනවා.
ආදරණීය ප්‍රියන්ත,
මතකද ඉස්සර,
උසස්පෙල දක්වාම හැම තිස්සේම ඇඳගෙන හිටියේ පාසල අඳින සුදු ඇඳුමමයි. ශිෂ්‍යත්ව පංතියේ සුදු ඇඳගෙන ආපු එකම ළමයා මමයි කියලයි මට හිතෙන්නේ. ඇයි මේ ළමයා හැම තිස්සේම ඉස්කෝලෙ ඇඳුම ම ඇඳන් ඉන්නේ කියලා සමහර ඇන්ටිලා අපේ අම්මගෙන් ඇහුවේ පුරුද්දට වගේ. අම්ම කිව්වා , පුතා පට අඳින්න කැමති නෑ කියලා. ඒක ඇත්ත. ඒත් ඇත්ත ඒක නෙමේ. ඔයා ප්‍රියන්ත, පාට අඳින්න කැමති නෑ කිව්වේ, අම්මට තවත් වියදමක් ඔයා නිසා සිදුවෙන එක නවත්තන්න කියාලා දන්නේ මම විතරයි. ඔයාට තනි නෑ ප්‍රියන්ත, දැන් මම ඉන්නවනේ ඔයාට හැම තිස්සේම. ඔයාට කවුරුවත් ඕනෙනෑ. එයාල ඔක්කෝම එන්නේ මොකක් හරි දෙයක් කරගන්න, ප්‍රයෝජනයක් ඔයාගෙන් ගන්න මිසක් ඔයාට තියෙන ආදරේට නෙමෙයි ප්‍රියන්ත. මම දන්නවා ඔයා කාටවත් ‍රැවටිලාවත්, ‍රැවටෙන්නෙවත් නැති බව. ඔයා අනිත් අයට තියෙන ආදරේට, හිතවත් කමට හැම දෙයක්ම කරල දුන්නාම, එයාල හිතයි ඔයා ‍රැව‍ටුනා කියලා. ඒත්, මම විතරයි දන්නෙ ප්‍රියන්ත, ඔයා ඒ අයව සතු‍ටු කරන්න කරපු කැපවීම, කිසිම දෙයක් ආයෙත් බලාපොරොත්තු නොවීම. එහෙම කියන්නේ, ඔයා කරපු උදව් ඔයාටම අමතක වෙලා තියෙන බව මම හොඳින්ම දන්න නිසා.

මම අද ලියන්නේ කාලෙකටම පස්සෙ හිංදා, නැත්නම් පලමු වතාවට හිංදා, මට මුල - මැද - අග පටලැවෙනවා. ඒත් ඔන්න ඔහේ මගෙ ඔළුවට එනදේ ලියනවා ප්‍රියන්ත.
ආ...
ඔයාගෙ අම්මට දැන් අසනීපයි නේද ? ඇවිදින්නත් බෑ නේද ? මම දන්නවා ප්‍රියන්ත, අම්මගෙන් උදව් ගත්ත, අම්ම සල්ලිවත් පංතිගාස්තු විදියට ගන්නෙ නැතිව ඉස්සර උගන්නපු අයවත් අම්ම බලන්නවත් එන්නෙ නැතිලු නේද ? මට තේරෙනවා ප්‍රියන්ත ඔයා මේව ගැන ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ කියලා. දුක් වෙන්න එපා රත්තරං, මම ඔයාගෙම ගාව ඉන්නවනේ.

ජීවිතේ කියන එක කොයිවෙලාවෙ නැතිවෙනවද ? මොනා වෙනවද කියන්න අපි දන්නෙ නෑ. පුලුවන් තරම් සතුටින් ඉන්න ප්‍රියන්ත. මම දන්නවා ඔයා ඉස්සරත් තාමත් ඉන්නේ හැමතිස්සේම හිනා මූනක් මවාගෙන. එහෙම හිටියේ, අඬන්න බැරි මූන හිනාවකින් හංගගන්න කියලා දන්නේ මම විතරයි පැටියෝ. ලෝකෙම අය විතරක් නෙමෙයි, ඔයාගෙන් ඉගන ගත්ත අය පවා, සමහර වෙලාවට ඔයාට අපහස කලා. ඒත් ප්‍රියන්ත ඔයා කවදාවත් එයාල එක්ක තරහ උනේ නෑ. වෛරයක් දැනුනේ නෑ. හැමදාම ආශිර්වාද කලා යහපතක්ම වේවා කියලා. ඔයා හරීම ආදරණීයයි ප්‍රියන්ත. අන්න ඒකයි ඔයාගෙන් ගන්න පුළුවන් හැමදෙයක්ම අරගෙන අනිත අය ඔයාටම වේදනාවක් දීල යන්නේ. වේදනාව කියන දේ අපිට අලුත් දෙයක් නෙමෙයි නේද ?

මම දන්නවා පැටියෝ, ප්‍රියන්ත, ඔයා කවමදාක්වත් දුකක් දැනුනාම නම් දැන් අඬන්නේ නෑ කියලා. දුක කියන්නේ සාමාන්‍ය දෙයක් නේ අපිට. ඒත් පුංචිම පුංචි සතුටක් දැනුනත්, නෙතට කඳුලක් උනන එක නම් නවත්තන්න බෑ නේද ප්‍රියන්ත ? සතුට කියන දේ අපිට පුරුදුනෑනේ. ඒකයි ඒ. ඔයාගේ ලොකුම ප්‍රාර්ථනාව මම දන්නවා, ඒ, මේ ලෝකේ කිසිම හතුරෙකුටවත් ඔයාට දැනුන තරම් දුකක් දෙන්න එපා කියන එක. ඔව්, ඇත්ත, වෙන කෙනෙක් නම් ඔයා වගේ ජීවත් වෙන්නෙ නෑ. ඔයා ඉස්සර කරන්න ගියපුවා මෙතන ලියන්න ඕනෙ නෑ නෑනේද මගේ ප්‍රියන්ත.

මතකද පුංචිම කාලේ ? පුළුවන් නම් කියන්න සතුටින් හිටපු දවසක් ? බෑ නේද ප්‍රියන්ත ?
ඕනෙනම් ඔයා කියාවි එදා, පාසලෙන් ඔයා විතරක් ශිෂ්‍යත්වේ සමත් උන දවස කියලා. ඔව්, ඒ හැර එක දවසක් මට කියන්න ප්‍රියන්ත. ඒත් මට ඔයා ගැන හරීම සතු‍ටුයි ප්‍රියන්ත. අද ඔයාව හමුවෙන්න කවුරු ආවත් ආයෙත් යන්නෙ නම් සතුටින් නෙමෙ නේද ? ඔයා ඔයාට පුලුවන් තරමටත් වඩා එයාලව සතුටින් තියන්න ඔයා ගන්න උත්සාහය හරීම පුදුමයි ප්‍රියන්ත. කොහෙන් කාපු ටකරන්ද කිව්වලු නේද ? කවදාවත් නොලබපු දෙයක්, කොහොමද ප්‍රියන්ත ඔයාට පුලුවන් උනේ අනිත් අයට දෙන්න, වෙන කාටත් වඩා ?

ඉස්සර,
ඔයා පාඩම් කල හැටි මතකද ප්‍රියන්ත ? අපිට කොහෙන්ද ඉස්සර විදුලිය. කනප්පුවේ ලාම්පුව තියගෙන පාඩම් කරද්දී, ලාම්පු දැල්ලට කීවතාවක් ඔයාගෙ ඉස්සරහ කොන්ඩේ ගස් නම් පිච්චුනාද, බාගෙට නින්ද යද්දි. ඉස්සර, නයිට් රයිඩර්, ටීවී එකෙන් බලන්න, මොන තරම් ආසාවෙන්ද චූටි බයිසිකලය පැදගෙන දන්න කියන , දුර තියෙන ගෙදරකට ගියේ. ඒත්, සමහර දවස් වලට, ඔයා ඉ‍ඳෙද්දීම ඒ අය රූපවාහිනියේ, අනිත් චැනල් එක දාද්දී මොන තරම් දුකක් දැනුනද ? තිබ්බ එකම සතුටත් බාගෙට බලද්දී නවතිනකොට නවතිද්දී, ඒත් ඔයා කවුරුවත් ගැන වෛරයක් ගත්තේ නෑ නේ ද පැටියෝ ?
ප්‍රියන්ත, මගේම ආදරණීය ප්‍රියන්ත,
කලින් ගෙදර මතකද ? ඔව්, ඔයාට කිසිම දෙයක් අමතක වෙන්නෙ නෑ නේද ?
කුඩ ගල් වලින් හදලා තිබ්බ නිසාත්, සිවිලිමෙන් කෑල්ලක් ගැලවිලා බිම වැටිලා තිබ්බ නිසාත්, හිටපු ගමන් බිත්ති දිගේ "සූස්' ගාල, වැලි වගේ දුර්වල කොටස් බිමට එන නිසාත්, අපේ ලොකු නෑදෑයින් කවුරුවත් ආවේ නෑ. ආවත් හිටියේ නෑ. හිටියත් මාව ගනන් ගත්තේ නෑ. බල්ලෙක් වගේ එදා හැදෙද්දී, හිතට සහනයක් උනේ, එකම සහනය උනේ දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ, මනෝවිද්‍යාත්මක පොත් පත තමයි. උසස් පෙළ පාඩම් කරද්දීත්, කිසිම වෙනසක් උනේ නෑ. හැමදාම වගේ හෙම්බිරිසාව නේ ද ? ඔව්, අමිහිරි මතකය මම අවදි කරන්නම් රත්තරං.
පාඩම් මේසෙත්, ඇඳත්, නිදන කාමරෙත් , සාලෙත් උනේ ඔයාගෙ කාමරය නේද ප්‍රියන්ත. ඒත් දවල්ට වහලෙ මුදුනින් අහස පේනවා. සමහරදාට, කුඩා හිල් වලින් වැ‍ටුන ආලෝකයෙන්, වලාකුළු අනිත් පැත්තට යනවා දකිනවා පොලවේ. ෂා... ආලෝකෙ ගැන පාඩමත් අත්දැකීමෙන්ම .....
ඒත් ඇඳට උඩින් නම් ඉටිකොල ගහලා තිබේ, වැස්ස වැ‍ටුනොත් නොතෙමී ඉන්න නේ ද ? ඒත් වහින දවස් වලට රෑ දෙගොඩහරිජාමේ නැගිටලා, ඉටිරෙද්දේ පිරුන වතුර, කොස්සෙ මිටෙන් ඇනලා, බේසමට දැම්මේ නැත්තම් ඉතින් ප්‍රියන්ත සොරිම තමයි ඇඳට නේද ?
ඒත් හැමදාම පීනස තිබ්බේ, මේ සීතල උහුල ගන්න අහිංසක ඔයාට 100% බැරි උන නිසා වෙන්න ඇති නේද ප්‍රියන්ත.
වැසිකිලියට ගියත් පැයකින් එන්න වෙන්නෙ නෑ.. මතකද.. ඉදල් මිටක් තිබ්බ ඉස්සරහ තියලා, ඒක අරගෙන දහ පහලොස් වතාවක් ඇනලා ඇනලා තමයි, වතුර ගහන්න ඕනේ. නැත්නම් ඉතින් වැසිකිළියම ඉවරයි. ඔයා මේ ඔක්කෝම කියනවට ඒ තරම් ම කැමති නෑකියලා මම දන්නවා පැටියෝ.
(ඔයාට පැටියෝ කියලා කියන්න මම විතරයි නේ. එත් මට මතකයි, ඉස්සර වහලේ බට වගයක් දාන්න ආපු බාසුන්නැහේ කෙනෙකුත් පැටියෝ කිව්වා, වාසියට නේ ද ?)

මගේම ආදරනීය ප්‍රියන්ත, මම දැන් ගොඩාක් කතා කලා ඔයාට.
ඒත් ඕනෙම දේ ගැන කතා කලේ නෑ. ඔයාගේ කැමතිම, තහනම් වචනය, ආදරය ? ඔන්න ඔන්න, තරහ ගියානේ ද ? ප්‍රියන්ත. කමක් නෑ. ජීවිතේ තව ටිකයි නේ. ඒකත් මෙහෙමම ඉඳිමු නේද ?
මම කලිනුත් කිව්වානේ, ඔයා ප්‍රියන්ත, දැන් දුකේදි අඬන්නේ නෑ කියලා. නිතරම ලැබෙන දේක විශේෂත්වයක් නැති නිසා වෙන්න ඇති නේ ද ? ප්‍රියන්ත. ඒත් මම දන්නවා හොඳටම , ඔයාට අඬන්නෙ නැතුව නම් ඉන්න බැරි වෙන දවස. ඒ ඔයාට කවදාවත් නොලැබුන දෙයක් ලැබෙන , ජීවිතේ සතුට ලැබෙන දවස! ඒත්...

මම අදට නවතින්නම් මගේ රත්තරන් පැටියෝ, ප්‍රියන්ත !
ඔයා සතුටින් ඉන්නකෝ... ඔයාට පුලුවන් පැටියෝ ඒක කරන්න..
මම ඔයා ලඟ සදහටම ඉන්නවානේ.. කවුරු දාල ගියත්, කවුරු වෙනස්කම් කලත්.. මම හැමදාම ඔයාගෙමයි රත්තරං !

මෙයට,
විශ්වාසී,
ඔයාගෙම,
ප්‍රියන්ත ද සිල්වා !
සදහටම ඔයාගෙමයි !

Wednesday, December 14, 2011

කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්

කිරිබත්ගොඩ ඥණානන්ද හිමිට මඩ ගැසීමේ තැතක්



කිසියම් පිරිසක් විසින් මහමෙවුනාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සඳහා ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් එහිමියන්ට විරුද්ධව ලියන ලද ග‍්‍රන්ථ, පුවත්පත් හා පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය බලන්න පහතින්





www.gossip9.com



http://www.mahamevnawa.lk/2927-2/

Monday, December 12, 2011

පිටිදූවේ හිමි නම ගැන ඇසෙන කථා

පිටිදූවේ හිමි නම ගැන ඇසෙන කථා




පැහැදිලිව කියවන්න නම් මෙතනින් බා ගන්න.
Mediafire Link > http://www.mediafire.com/i/?162356gwrjunby1

Sunday, December 11, 2011

The most expensive cars of 2012

The most expensive cars of 2012



http://autos.yahoo.com/news/the-most-expensive-cars-of-2012.html




Ten years after introducing Maybach, Daimler announced it would shutter the super-luxury brand by 2013.

It wasn’t a surprise. Maybach never fully established an identity that could compete with Rolls-Royce and Bentley. And the brand lost money each year in its existence, according to Daimler CEO Dieter Zetsche.

That hasn’t kept the $1.4 million Maybach Landaulet down, at least in some circles. Madonna and Jay-Z are known lovers of the line. And along with the famously outré $2.6 million Bugatti Veyron Supersport 16.4 and the $1.7 million Koenigsegg Agera R, the Landaulet made this year’s list of the most expensive cars on the market today.

Behind the Numbers
To compile our list of the most expensive cars going on sale next year, we scoured price lists from well-known manufacturers like Bugatti, Rolls-Royce and Lamborghini, and from lesser-known companies like Leblanc and Shelby Super Cars. Some otherwise high-end entrants (Spyker, McLaren) didn’t quite have the stuff to make our list. Others, like Koenigsegg, had a few models that might have qualified, so we limited our list to one car from each manufacturer. We limited the cars on this list to new models, rather than vintage, and evaluated their prices based on MSRP, not auction or off-the-record sales.

What makes cars like the $970,000 SSC Tuatara and $1 million Hennessey Venom GT so expensive? A combination of rare and high-performance materials used—carbon fiber, silver trimmings, ceramic brakes, exotic wood—extraordinary tuning, and exclusively low production numbers. (To wit: The Ferrari 599X is made to order by invite only.)

That’s not all. Tire replacements can cost multiple thousands of dollars, plus fees. Some require specialized luggage for their front-situated trunks, at costs like $30,000 per set. And the Zenvo ST1, for instance, must be shipped to Denmark for any major repairs.

For the people who buy these cars, though, price isn’t exactly an issue. Franz-Josef Paefgen, the CEO of Bugatti when the company unveiled its Supersport in 2010, confirmed the mentality.

“The crisis cannot keep a Bugatti buyer away from buying a car for financial reasons,” Paefgen said at the time.

Take the $1.8 million ST1. Just like the $845,000 Porsche 918 Spyder, it’s likely out of your price range. But Danish delight has got a lock on Russian billionaires–so far.

The first person to pay the $500,000 deposit for the ST1 was a wealthy Slav who opted for a customized blue paint job and carbon fiber rims, says Bobby Khan, the president of New Jersey-based Emporio Motor Group. The dealership is the only place in the U.S. that will sell the car.

Khan says he tried to talk Mr. Russia out of the tires–one botched pothole and the entire wheel would need replacement–but the client would have none of it.

“He said, I want it because I want it,” Khan said.

The desire is understandable: hand-made, with a 1,250-horsepower 8-cylinder engine that goes 0-60mph in 2.9 seconds, ST1 has a top speed of 233mph. It has a wicked rear-wheel drive on a 7-speed manual transmission. The entire body is carbon fiber.

Only 15 of the ST1 will be made, with three slated for U.S. showrooms. Those specimens have already generated plenty of interest from high profile figures, as you can well imagine, but the bulk of the buyers will remain anonymous.

“We’ve already got a waiting list,” Khan says.

The latest on the list
With that in mind, here’s something else for the friendly neighborhood billionaire to consider: The $1.3 million Pagani Huayra. A newcomer to this year’s tally, Pagani’s 700-horsepower gullwing stunner, named after an ancient god of wind, is made from carbo-titanium and uses a 12-cylinder turbocharged engine.

Pagani is a small brand but has cult status among track regulars and exotic aficionados. Huayra is a big deal because it will be the first time a Pagani-made vehicle will be sold stateside.

Unfortunately for acolytes, it’ll be some time before the opportunity hits stateside. Pagani planned to debut its car in U.S. showrooms earlier this year but faced delays due to airbag compliance. Company executives maintain that five Huayras will make it to the states by 2013.

Worth the wait? Maybe. The 20-year-old company’s previous model, the Zonda F, once held the road-car lap record at the infamous Nürburgring racetrack in Germany. Huayra is said to be no less impressive. For that price, it better be.

Porsche 918 Spyder

Porsche 918 Spyder

Country of Origin: Germany
Engine: 500hp 3.4-liter V8 with three electric motors delivering 218hp
0-60mph: 3.1 seconds
Price: $845,000


2012 SSC Tuatara

Country of Origin: USA
Engine: 1,350hp 6.8-liter V-8
0-60mph: 2.5 seconds
Price: $970,000 (estimated)


Hennessey Venom GT

Hennessey Venom GT

Country of Origin: USA
Engine: 6.2-liter supercharged V-8
0-60mph: 2.5 seconds
Price: $1 million (1,200hp edition)


Pagani Huayra

Country of Origin: Italy
Engine: 700hp Mercedes-Benz-made V-12
0-60mph: 3.5 seconds
Price: $1.3 million

Saturday, December 10, 2011

Remember : Rev Gangodavila Soma Thero, On Dec 12 th Sunday !

Image

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වී දෙසැ. 12 වනදාට වසර 8 ක් සපිරේ. අපව කුඩා කළ පටන් නිවැරදි බෞද්ධ දේශනවට යොමුකරමින් අඳුරෙන් එළියට අපවයොමුකළ උන් වහන්සේ වෙනුවෙන් ඔබ නිවසේ හෝ ස්ථානයේ 12 වනදා පහනක් දෑල්වීමටත්, බෞද්ධ ධජයක් එල්වා තැබීමටත් අමතක නොකරන්න.

NEW - Pitiduwe Siridhamma Thero, Siri Samanthabaddra Thero

සෝවාන් හා සකෘදාගාමී මාර්ගඵල අවබෝධකරගත්, පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත්,
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ මෑතකදී පැවැත්වූ ධර්ම සාකච්ඡාවක්....


Friday, December 9, 2011

Did Jesus Christ learn Buddhism ? ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

Did Jesus Christ learn Buddhism ??

ජේසුස් වහන්සේද බුදුන්වහන්සේගේ අනුගාමිකයෙක් ද ?

BBC වාර්තා වැඩසටහනක් වන මෙහි, මේ සත්‍යය වසන් වී ඇති අන්දමත්, එසේ නොවී , යතාර්ථය ඉස්මතු උවහොත්, ක්‍රිස්තියානි ධර්මයේ අවසානය සිදුවනු ඇති බවත් මේ වැඩසටහන නැරඹීමෙන් ඔබේ මතකටය එක් කරගන්න.







Thursday, December 8, 2011

The Truth and Pitiduwe Siridhamma Thero, Siri Samanthabaddra Thero

පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත් සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ



පිටිදූවේ හාමුදුරුවෝ කියන, බුදුන් දේශනාකල පණිවිඩය ගැන කිසිම ගැටළුවක් නෑ. උන් වහන්සේ කිසි තැනක ධර්මය නම් විකෘති කරල නෑ. ( You Tube එකෙන් මවිසින් upload කරන ලද දේශනා විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඕනැ නම් අහල බලන්න පුලුවන්.)

ඇත්තටම බුදු දහම විනාශ කරන්නේ,

* කොන්ත්‍රාත්තු බාර අරගෙන ගසා කනවා
* පංසල හාරල, වැලි ටික විකුනනවා
* ගෑණු ළමයෙකුට බනක් අහන්න යන්න බෑ ( ඒක ඉතින් කියන්න ඕනෙ නෑ නේ)
* පිරිමි ළමයෙකුට ගිහින් පංසලේ උදව්වක් කරන්න බෑ ( ඒකත් ඉතින් කියන්න ඕනෙ නෑනේ)
* යන්ත්‍ර, මංත්‍ර ගුරුකම් කරනවා, කේන්දර බලනවා, සාස්තර බලනවා, කොඩිවින කරනවා, හොන්දට ඉන්න පවුල් අවුල් කරනවා, වශී ගුරුකම් කරනවා,
* මනුස්සයෙක් දියුණු වෙනකොට ඉරිසියාවට එක එක දේ කියනවා, කරනවා
* සිවුරේ ඉඳන් ඉගනගෙන, ඉගනගත්තට පස්සේ සිවුර දාල , කෙල්ලෝ එක්ක යනවා.

මේ වගේ චීවරධාරීන් ගැන කතා කරන්නේ නැතුව, බුදු දහම නිවැරදිව දේශනා කරන පිටිදූවේ හාමුදුරුවන්ට විතරක් චොදනා එල්ල කරන්නේ ඇයි ?
අනිවාර්යෙන්ම මේ තුල, අපි නොදන්නා දේවධර්මවාදීන් ඉන්නවා. වෙබ් සයිට් බැලුවත් පැහැදිලී. පිටිදූවේ හාමුදුරුවන්ට බැනලා දාන කොමෙන්ට තියෙන්න අරිනවා, වෙන ආගම් වලට බැනලා දාන කොමෙන්ට්ස් ඉවත් කරනවා විතරක් නෙමේ, අවවාදත් දෙනවා.

මම කියන්නේ, පිටිදූවේ හාමුදුරුවෝ කියපු බනක් ඇහුවාම අපේ හිත නිවෙනවා නම්, වෙන මොකුත් හොයන්න ඕනෙ නෑ. අනිත්වාට උත්තර කාළය විසින් ලබාදේවි.

මතකද ?
දහම් සොඬ ජාතකය, ධර්මය නැති යුගයක, ඒ රජතුමා, එක් බන වදනක් අහන්න, යකාගේ කටට පැන්න බව. බන කිව්වේ කවුද ? යකා. එහෙනම්, යකෙක් උනත් බන දන්නවා නම්,
අපිට අවශ්‍ය එපමණයි. පිරිසිදු ධර්මය පමණයි.

ආන්නතරීය පාපකර්මයක් නොවෙන්න තමා මම මේ දේ කිව්වේ.
කාලයට ඉඩදෙමු නේද ? අනිත්වාට.
ආ.. තව එකක්ක් කියන්න ඕනේ. බුදු හාමුදුරුවොත් , බුදු උන බව කිව්වා. ඒක විශ්වාස නොකරපු නිසා නේ ද ? යමා මහ පෙළහැර පාල, ඔප්පු කරන්න උනේ.
ඒකත් අමතක රටක් නේද මේ ?






kiyawanna oone namm Download karanna me Mediafire link ekenn..
http://www.mediafire.com/i/?r3p8td7s752ypsr
Download This Page to Read ..

Facebook > Fans

NASA Breaking News - Feed

Astronomy.com - News

Space Wire Top Stories Feed

Today"s Highlights Of The World

Today in History

Birthdays Today

NASA Image of the Day - Feed

NASACast Audio , To listen, Click - Feed

Medicine Net Daily News - Health News

Health News from Medical News Today - Feed

The New York Times

Crestock Daily Free Image

BBC News | Science/Nature | World Edition

BBC News | Health | World Edition

BBC News | UK | World Edition

BBC News | Asia-Pacific | World Edition

BBC News | Africa | World Edition

BBC News | Middle East | World Edition

BBC News | Europe | World Edition

BBC News | Business | World Edition

BBC News | Entertainment | World Edition

BBC News | Technology | World Edition

Sky News | World News | First For Breaking News

CNET News.com

PC World: Latest Technology News

Newsweek Top News

Guardian UK - Unlimited