The Future Global Educational Center - Matara - With Priyantha De Silva. This is the our Main Blog . News,Sports, Entertainments, Softwares, space , Astronomy, International News,, technology, TV , Radio, Art, Educ. Government Info. religion , Buddhism, songs Download, Lyrics, Films , Singers , Satellite friends ,Chat,TV Schedule , Sports, Public Information, Business & Update are some ours All the links are here (or will be) to get to know everything.
Pages
▼
Wednesday, July 18, 2012
2012 ජූලි 16 ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?
හසන්ත අද නම් ඇත්තටම ඇණ ගන්නා ලදී .... 2012 ජූලි 16 ITN දොරමඬලාව, අසාර්ථකම වැඩසටහනද ?
එදා කතාවූයේ සෝවාන් ඵලය ගැනයි. ඒ ගැන කතා කිරීමට එතැන සිටියෝ කවරුද ? සෝවාන් ඵලය ගැන ඒ එක් අයෙකුටවත් කතා කිරීමටවත් අයිතියක් නොමැත. එය විහිළු වැඩසටහන් වූයේ ඒ නිසාම පමණක් නොවේ. සෝවාන් හා මාර්ගඵල පිළිබඳව වැඩසටහන මෙහෙය වූ නිවේදකයාටවත් ඒ අයිතිය නොමැත්තේ, ITN නාලිකාවේ ඉතාම පහල මට්ටමේ නිලධාරියාගේ පටන්, ඒ මහතාට කිසිදු කැමැත්තක් නොමැති වීමයි. මා ඔහු වෙනුවෙන් ඔවුන් සමඟ වාදවී, එම නිවේදයා වෙනුවෙන් කථාකළ අවස්ථා බොහෝමයකි.
විහිළුව කුමක් ද ?
සමාජයේ සෝවාන් වූ හා බුදු වූ යැයි කියන අය කියන්නේ බොරුවක් බව මේ පෘථග්ජන සිව්දෙනා සමඟ නිවේදකයා කරලියට පැමිණීමයි. අපි දන්නා තරමට, උසාවියේ දී අන්ත හොරෙකුට හෝ ස්ත්‍රී දූශකයෙකුට උවත්, නිදහසට කරුණු විමසනු ලබන බවයි.
අර කවුදෝ නැති තැන කවුදෝ පිනුම් ගසනවාක් මෙන්, එලෙස පවසනු ලබන එක් අයෙක් හෝ වැඩසටහනට රැගෙන විත්, ඔහුගේ ද අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුමයැයි. අනික, අර ගාල්ලේ බුදුවූ බව කියන පිස්සා සහ, පිටිදූවේ සිරිධම්ම හිමියන් එක හා සමාන තත්වයක
තබා කතා කිරීම 100% ක් ම නිවැරදි නොවේ. මා කියන්නේ, එලෙස ප්‍රකාශ කරන්නන් කියන්නේ බොරුවක් නම්, මුලු රටම ආදරය කළ, පිටිදූවේ සිරිධම්ම හිමියන් ද එම වැඩසටහනේ සිටිය යුතු බවයි. එසේ නොවී, කිසිදු සුදුසුකමක් නැති ගිහියන් 4 දෙනෙක් සමඟ,
අදාල කාර්යට සම්බන්ධතාවක් නොමැති අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමඟ මේ ජනතාවගේ මුදලින් නඩත්තු වන,
අහිංසක ජනතාවගේ මුදලින් පඩි ගන්නා ITN කාර්ය මණ්ඩලය කරන ලද මේ ප්‍රොඩාව හෙලා දැකිය යුතුමය.
දොරමඬලාව මින් පසු වර්ජනය කරනුයේ
අන්න, ඒ කිසිදු තුලනයක් නැති අත්තනෝමතික ක්‍රියා කලාපය නිසයි.
මට ඔබ වහන්සේ රහත්වු කෙනෙක් වුවද නොවූ කෙනෙක් වුවද… ඔබ වහන්සේ අන් අයගේ අභියෝග දිනුවද පැරදුනද, මට ඔබ වහන්සේ ගැන ඇති ගෞරවය අල්පමාත්‍රයකින්වත් අඩු නොවෙයි. මක් නිසාදයත්… කුහක සමාජය තුල සිතීමේ පරාසය වැඩි කරගෙන ශක්තිමත්ව ජීවත්වීමට ඔබ වහන්සේගේ සෑම බන පදයක්ම මට ඉවහල්වූ බැවිනි.
ReplyDelete