නැගි ඉනිමඟට පයින් ගසා ලමා පරපුරට කෙළවන ඇමති බන්දුල බම්බුව
~ ප්‍රියන්ත ද සිල්වා ~
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ නවමු අද්දැකීමක් අපිට දැන් දක්නට ලැබෙනවා. ජාතියේ පිනට පහලවූ අපේ ජන නායකයෙක් වන නව අධ්‍යාපන ඇමතිතුමා ගේන අළුත් අළුත් ප්‍රතිසංස්කරණ ඒවායි. පෙරකල ඉතාම ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් වූ, අපිත් ඉතාම තදින් ඇළුම් කළ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දැන් දැන් පිස්සු කෙලින්නට යන්නේ නින්ද අඩුවීමේ රෝගයෙන් පෙළෙන නිසාදැයි නිකමට මෙන් මට සිතේ. අධ්‍යාපන ක්ෂේස්ත්‍රය යනු ජාතියේ අනාගතයයි. එය නිවැරදිව යෙදවීම වැඩිහිටි කොයිකාගේත් අනිවාර්යය වගකීම වේ. තමා ජනප්‍රිය වීමට මග පෑදූ ටියුෂන් කලාව වල පල්ලට යැවීමට මෙසේ ක්‍රියා කරන්නේ හරියට වැදූ මව අමතක කර ගල් ගැසීමට අණ කර ආනන්තරීය පාප කර්මය සිදුකිරීමට වෙරදරන දුෂ්ඨ මෘගයෙකුසේ ය. අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ නව මංළකුනු කිරීමට වෙර දරන මේ මහතා තම මුල අමතක කිරීමෙන් සිසුනට කියාදෙන්නේ අන්න ඒ නව පරිච්ච්ඡේදයයි.
දැන් මේ බන්දුල මහතාගේ මානසික තත්වය පැහැදිලිවම දකින්න පුළුවන් උනේ පාසල් පස්වරු 3 දක්වා පවත්වන්න යනවා කියන ආරංචියත් සමඟයි. ඔබට මතකද ? අපි පාසල් යන කාලේ දවල් 12 - 1 වෙනකොට මොනතරම් අපහසුතාවයෙන් ද පාසලේ කාලය ගතකලේ කියලා. ගුරුවරුන් ගෙත් දකින්න ලැබුනේ ඒ මුහුනුවරමයි.ශිෂය්‍යකුට සංකීර්ණ ගැටළු අවබෝධ කර ගතහැකි කාලයක් පවතී. එම කාලය දීර්ඝ කිරීමේන් ශිෂ්‍යන්ගේ දුර්වලතාවය වැඩිවීම මිසක්, අපේක්ෂිත සංවර්ධනය තෙක් ලඟාවිය නොහැකිය. විශේෂයෙන් පස්වරු 1 න් පසු ගුරුවරුන්ගේ මන්දෝත්සහාවයක් අපේක්ෂා කළ හැකි අතර එය අපේක්ෂයිත ඉලක්ක කරලඟා වීමට බාධකයක් වනු ඇත. ගුරුවරයෙකු ලෙස පසුගිය අවුරුදු 15 ක පමණ අද්දැකීම් ඇති මට, පාසල් ගුරුවරුන් ගෙන් ළමයන්ට සිදුවූ අසාධාරණ අනන්තවත් අත්විඳීමට ලැබිණ. පාසල් වලින් අත්හැරදැමූ බොහෝ සිසුනට ගණිතය සඳහා "ඒ" සාමාර්ථ ලබාදීමට මටම හැකිවීමෙන් පෙන්නුම් කරනුයේ, කොපමණ උගත් හා ගොට්ට ඇල්ලීමෙන් ලබාගත් උසස්වීම් වලින් සිසුනට අවබෝධ කළ හැකිවීමේ දක්ෂතාවයක් බොහෝ පාසැල් ගුරුවරුණට නොමැති බවයි.
එසේ , මුලදීම පාසැල තුලින් සැළකිල්ලට නොගෙන අත්හැර දැමූ මාතර ප්‍රධානම පාසැලක දරුවෙකු, දැන් පේරදෙණිය විශ්වවිද්‍යාලයේ 4 වසරේ යෙදෙමින්, පිළිගත් සර්වාංග දොස්තර මහතෙකු ලෙස නුදුරේදීම බිහිවනු ඇත්තේ පෞද්ගලික පංති ක්‍රමයට පිංසිදුවන්නටය. එබැවින් රජය හෝ මානසිකව බංකොලොත් වූ ඇමතියෙකු ගේ ඕනෑ එපාකම් පිරිමැසීමට , ළමා පරපුර අත්තනෝමතික ලෙස යොදාගැනීම ඉතාම පිළිකුලෙන් යුතුව හෙලාදකිමි. මේ විනාශයට එරෙහිව , අපි ඉදිරියට පෙළගැසෙමු.
එදා අපිද, පාසල් ක්‍රමයටම පමණක් ඉගෙන ගත්තේ නම්, මා කෙසේවත් ගණිතය ගුරුවරයෙකු නොවෙනු ඇත, විශේෂයෙන්, පෞද්ගලික ගුරුවරයෙකු වශයෙන් , 100% ක්ම පසුගිය වසර කීපය තුල ගණිතය විශයෙන් සමත් කරවීමට හැකිවූ, මෙම ප්‍රදේශයේ එකම ගුරුවරයා වශයෙන් මෙසේ කතාකිරීමට මට ඇති සම්පූර්ණ අයිතිය ඔස්සේ මෙම ලිපිය ලියා තබමි. තව දුරටත් , මේ ප්‍රෝඩාකාරී ඇමතිමණ්ඩලයේ මළ පහ, අනාගතය ලෙස අද සැලකුම් ලබන වර්ණවත් ළමා පරපුර වෙත එල්ලවීමට දිය නොහැකිය. පුදුමය නම්, මේ ක්‍රියාවලිය තුල, අතිගරු ජනාධිපති තුමාද, වැනෙනා සුළු ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.
ජනතාවෙනි, මේ පිස්සු අධ්‍යාපන ඇමති ගෙන් අපේ දයාබර දරුවන් බේරාගනිමු . මේ සඳහා පෙළගැසෙමු.
No comments:
Post a Comment